යල කන්නයේ වී ගොවීන්ට පොහොර ගන්න වචුචරයක්

යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබාදීමට රජය තීරණය කළා.

ඒ, අනුව මෙම වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාරයකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ද, පුද්ගලික අංශය මඟින් ද මෙම වවුචර්පත්වලින් මිල දී ගැනීමේ හැකියාව පවතිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24