වසන්ත අන්තරේ හැරයයි – නව කැඳවුම්කරු පේරාදෙණියෙන්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ මදුෂාන් චන්ද්‍රජිත් පත්කර ගෙන තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලය තුළ අද (20) පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සැසිවාරයේ දී මෙම පත්කර ගැනීම සිදුකර තිබෙනවා.

වසන්ත මුදලිගේ මෙතක් කලක් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කරනු ලැබුවා.

නව කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුවෙක්.

image