AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට උපදෙස්

අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක උපදෙස් දී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට, සාගල රත්නායක මහතා මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය බැසයාම කඩිනම් කිරීම සඳහා ගංගාවල මෝය කට හාරා පළල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් මෙහිදී දැනුම් දී තිබෙනවා.

එමෙන්ම නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ගාල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?