අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට උපදෙස්

අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක උපදෙස් දී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට, සාගල රත්නායක මහතා මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය බැසයාම කඩිනම් කිරීම සඳහා ගංගාවල මෝය කට හාරා පළල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් මෙහිදී දැනුම් දී තිබෙනවා.

එමෙන්ම නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ගාල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19