නාවික හමුදාපතිගේ නිවසේ දොර ජනෙල්වල සරනේරු ගැල වූ ‘සුදූ’ අල්ලයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ පෞද්ගලික නිවසේ දොර ජනෙල්වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගත් සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ සුදූ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මඩපාත, ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු විසින් නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික නිවසින් රුපියල් 64,000ක් පමණ වටිනා සරනේරු සොරාගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් අප්‍රේල් මස 02 වැනි දින සහ 17 වැනි දින අතර මෙම සොරකම සිදුව ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් එම නිවසේ දොර ජනෙල්වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගෙන ගොස් බෝකුන්දර ප්‍රදේශයේ යකඩ බඩු අලෙවි කරන වෙළෙඳසැළකට රුපියල් 5600ක මුදලකට විකුණා මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස ලබාගත් මුදල් වලින් සැකකරු හොරයින් පානය කර ඇති බවයි සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට පත් 30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00