නාවික හමුදාපතිගේ නිවසේ දොර ජනෙල්වල සරනේරු ගැල වූ ‘සුදූ’ අල්ලයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ පෞද්ගලික නිවසේ දොර ජනෙල්වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගත් සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ සුදූ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මඩපාත, ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු විසින් නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික නිවසින් රුපියල් 64,000ක් පමණ වටිනා සරනේරු සොරාගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් අප්‍රේල් මස 02 වැනි දින සහ 17 වැනි දින අතර මෙම සොරකම සිදුව ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් එම නිවසේ දොර ජනෙල්වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගෙන ගොස් බෝකුන්දර ප්‍රදේශයේ යකඩ බඩු අලෙවි කරන වෙළෙඳසැළකට රුපියල් 5600ක මුදලකට විකුණා මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස ලබාගත් මුදල් වලින් සැකකරු හොරයින් පානය කර ඇති බවයි සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට පත් 30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?