ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

සතියකට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34000කට අධිකයි.

එය පසුගිය වසරට වඩා 60%ක ඉහළ යාමක්. ගතවු දින 12 තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 3400ක් හඳුනාගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේ මේ වන විට වාර්තා වන රෝගීන් 50%ක් ඩෙංගු වෛරසයේ තුන් වන ප්‍රභේදයට අයත් වන බවයි.

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ඝණත්වය ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කරන ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් ලබාදුන්න ද පසුගිය දින කිහිපයේ දීම කළ වැටලීම්වල දී ඩෙංගු මදුරුවන් බෝ වන පරිශ්‍ර විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකිවුණා.

මේ අතර දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, දොඩංගොඩ පොලිස් ස්ථානය, දොඩංගොඩ ප්‍රාදේශිය සභාව සහ ත්‍රී රෝද රථ සංගමය එක්ව සංවිධාන කළ ඩෙංගු මර්දන වැඩසටහනක දී කළුතර නිවාස 178ක් පරීක්ෂා කෙරුණා.

එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය නිවාස 11කට දඩ නියම කළ අතර නිවාස 35කට අවවාද කිරීමට කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20