කොදෙව්වන් ඩැරන් සැමීගේ යටතට

බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ කොදෙව් කණ්ඩායමේ හිටපු නායක ඩැරන් සැමී පත්කර ඇති බව වාර්තා වනවා.

කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඇන්ඩ්‍රේ කෝලි පත්කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව එළඹෙන ජුලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ඇන්ඩ්‍රේ කෝලි ටෙස්ට් කණ්ඩායමේ වගකීම භාරගනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඩැරන් සැමී ආකෘති තුනේම හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයෙකු වන අතර, 2012 සහ 2016 වසරවල විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණ කරා කොදෙව් කණ්ඩායම මෙහෙය වුණු ලැබුවා.

සැමී විශ්‍රාම යාමෙන් පසු ඔහු පකිස්ථාන සුපර් ලීග් සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිවල ෆ්‍රැන්චයිස් කණ්ඩායම් දෙකක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43