කොදෙව්වන් ඩැරන් සැමීගේ යටතට

බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ කොදෙව් කණ්ඩායමේ හිටපු නායක ඩැරන් සැමී පත්කර ඇති බව වාර්තා වනවා.

කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඇන්ඩ්‍රේ කෝලි පත්කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව එළඹෙන ජුලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ඇන්ඩ්‍රේ කෝලි ටෙස්ට් කණ්ඩායමේ වගකීම භාරගනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඩැරන් සැමී ආකෘති තුනේම හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයෙකු වන අතර, 2012 සහ 2016 වසරවල විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණ කරා කොදෙව් කණ්ඩායම මෙහෙය වුණු ලැබුවා.

සැමී විශ්‍රාම යාමෙන් පසු ඔහු පකිස්ථාන සුපර් ලීග් සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිවල ෆ්‍රැන්චයිස් කණ්ඩායම් දෙකක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?