දර්ශන හදුන්ගොඩට එරෙහි වාරණය දීර්ඝ වෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හදුන්ගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර දර්ශන හඳුන්වන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් මහජනතාවට තොරතුරු දැනගැනීමේ අරමුණින් මෙම වාර්තාව ඉදිරිපත් කල බව සඳහන් කලා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලීම් කළා.

ඒ අනුව අදාළ පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින තෙක් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවත් නියෝග කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු හා එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ රජයේ නීතිඥවරියක් විසින් ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඉකුත් දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින එස්.එල්. දේශය වූ ටියුබ් නාලිකාව ඔස්සේ අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් උඩුගත කර ඇති බවයි .

ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ඔවුන් පවසනවා.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හලාවත මහ රෝහලට සජිත්ගෙන් වටිනා පරිත්‍යාගයක්
03:16
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04


?