තරුණයාගේ මළසිරුර අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් වූ වේයන්ගොඩ වියලගොඩ ප්රදේශයේ දී හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (07) පස්වරුවේ මෙම තරුණ යුවළ දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගසා ගෙන ගොස් මෙලෙස අතුරුදහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
වේයන්ගොඩ පොලිස් වසමේ අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය තරුණ යුවළක් දියේ ගසාගෙන යාමෙන් අතුරුදහන් වී ඇති බව පොලිසිය පැවසුවා.
මෑතක යුගදිවියට පිවිසිමට බලාපොරොත්තුවෙන් සිටි 19 හැවිරිදි වියේ පසු වූ තරැණ යුවළකුයි මෙසේ අතුරුදන් වී ඇත්තේ.
දියේ ගසාගෙන ගිය තරුණයා වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තරුණිය කුඩා ඔය ලබුතැන්න ප්රදේශයේ පදිංචිකාරියක්.













