නීති විරෝධී ලෙස මත්පෙති සන්තකයේ තබාගත් මාලදිවයින් ජාතිකයෙකුට සිරදඬුවම්

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා.

මෙසේ දඬුවම් නියම වුණේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචිව සිටි මාලදිවයින් ජාතිකයෙකු වන සිඩ්හාන් ඊබ්‍රහිම් නැමැත්තෙකුටයි.

2018 ඔසරි මැයි මස 16 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගන් නැදිමාලේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව ඩයිමොපින් මෙතපිටමින් නමැති මත්පෙති සන්තකයේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුට ගෙන තිබුණා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකරු චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙසේ දඬුවම් නියම වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30