නිසි බලපත්රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම් නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා.
මෙසේ දඬුවම් නියම වුණේ දෙහිවල නැදිමාල ප්රදේශයේ පදිංචිව සිටි මාලදිවයින් ජාතිකයෙකු වන සිඩ්හාන් ඊබ්රහිම් නැමැත්තෙකුටයි.
2018 ඔසරි මැයි මස 16 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගන් නැදිමාලේ ප්රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්රයක් නොමැතිව ඩයිමොපින් මෙතපිටමින් නමැති මත්පෙති සන්තකයේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුට ගෙන තිබුණා.
ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.
නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකරු චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙසේ දඬුවම් නියම වුණා.













