බහින් බස් වී මිතුරෙකුගෙන් හෙල්මට් පහරක්

තම මිතුරා ගෙන් හිසට එල්ල වූ හෙල්මට් පහරින් බරපතළ තුවාල ලබා රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (08) අළුයම ගම්පහ මහ රෝහලේදී මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

මිනුවන්ගොඩ ,ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් පමණ වයසැති පුද්ගලයකුයි මෙසේ මිය ගොස් තිබෙන්නේ.

ඉකුත් 04 වෙනිදා පස්වරුවේ දී මරණකරු ඔහුගේ මිතුරකු සමඟ බහින්බස් වීමක් ඇති කර ගෙන ඇති බව පොලීසිය පවසන අතර දෙදෙනා අතර ඇතිවූ කතාබහ දුරදිග යාමේදී අනෙකා අත තිබූ හෙල්මට් එකෙන් මරණකරුගේ හිසට පහර දී ඇති බවට සාක්ෂි මේ වනවිට සටහන් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

සැකකරුද මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි කරුවෙකු බවට හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (08) මිනුවන්ගොඩ සහ ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබු අතර මරණකරුට පහරදීම සිදුකළ හෙල්මට් එක සමඟ අත්අඩංගුවට ගත් සැකකරුව මිනුවන්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57