තම මිතුරා ගෙන් හිසට එල්ල වූ හෙල්මට් පහරින් බරපතළ තුවාල ලබා රෝහල් ගතව නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (08) අළුයම ගම්පහ මහ රෝහලේදී මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
මිනුවන්ගොඩ ,ගල්කන්ද ප්රදේශයේ පදිංචි අවුරුදු 60ක් පමණ වයසැති පුද්ගලයකුයි මෙසේ මිය ගොස් තිබෙන්නේ.
ඉකුත් 04 වෙනිදා පස්වරුවේ දී මරණකරු ඔහුගේ මිතුරකු සමඟ බහින්බස් වීමක් ඇති කර ගෙන ඇති බව පොලීසිය පවසන අතර දෙදෙනා අතර ඇතිවූ කතාබහ දුරදිග යාමේදී අනෙකා අත තිබූ හෙල්මට් එකෙන් මරණකරුගේ හිසට පහර දී ඇති බවට සාක්ෂි මේ වනවිට සටහන් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
සැකකරුද මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි කරුවෙකු බවට හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්රාත් පරීක්ෂණය අද (08) මිනුවන්ගොඩ සහ ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබු අතර මරණකරුට පහරදීම සිදුකළ හෙල්මට් එක සමඟ අත්අඩංගුවට ගත් සැකකරුව මිනුවන්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.













