දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළා.
ව්‍යාපාරික කාන්තාවක් වන ජෙහාන් හමීඩ් විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කළා
එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් නම් කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 25 වන දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
යෝජිත පනත් කෙටුම්පත තුළින් 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා කර තිබෙන බවත් පෙත්සම්කරුවන් පවසනවා.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් බරපතළ ලෙස උල්ලංඝනය වීමක් සිදුවන අතර ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අයුරින් අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත කර තිබෙන වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.













