පා. ම. එම්.ඒ. සුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළා.

ව්‍යාපාරික කාන්තාවක් වන ජෙහාන් හමීඩ් විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කළා

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් නම් කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 25 වන දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

යෝජිත පනත් කෙටුම්පත තුළින් 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා කර තිබෙන බවත් පෙත්සම්කරුවන් පවසනවා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් බරපතළ ලෙස උල්ලංඝනය වීමක් සිදුවන අතර ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අයුරින් අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත කර තිබෙන වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57