පුතා සසුනට පූජා කර විදෙස් ගත වෙන්න ගිය පියා රිය අනතුරකින් මරුට

දිඹුලාගල මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල සොරුවිල දමිළ ගම්මානයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු පසුගිය වෙසක් පොහොය දිනයේ දී තම අවුරුදු හයක් වයසැති එකම දමිළ පිරිමි දරුවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සසුන්ගත කර තිබුණා.

දරුවා සම්බුද්ධ ශාසනයට පූජාකර විදෙස් ගතවීමට මෙම පියා අපේක්ෂාවෙන් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

දරුවා සසුන්ගත කළ දිනයේදී ම රාත්‍රී දිඹුලාගල මංසන්ධියේදී ඔහු ගමන් කළ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

දිඹුලාගල කුඩාවැව ගම්මානයේ පදිංචි වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම අනතුරෙන් එක් දරු පියා සමඟ ගමන් ගත් අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන විට ඔවුන් දෙදෙනාම ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවටයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වෙසක් පොහොය දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සොරිවිල සිරිධම්මාලංකාර නමින් පැවිදි බිමට පිවිස ඇති අතර එම සාමනේර හිමි නමගේ මව ද මේ වනවිට විදෙස් ගතව සිටින බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51