spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුතා සසුනට පූජා කර විදෙස් ගත වෙන්න ගිය පියා රිය අනතුරකින් මරුට

දිඹුලාගල මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල සොරුවිල දමිළ ගම්මානයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු පසුගිය වෙසක් පොහොය දිනයේ දී තම අවුරුදු හයක් වයසැති එකම දමිළ පිරිමි දරුවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සසුන්ගත කර තිබුණා.

දරුවා සම්බුද්ධ ශාසනයට පූජාකර විදෙස් ගතවීමට මෙම පියා අපේක්ෂාවෙන් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

දරුවා සසුන්ගත කළ දිනයේදී ම රාත්‍රී දිඹුලාගල මංසන්ධියේදී ඔහු ගමන් කළ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

දිඹුලාගල කුඩාවැව ගම්මානයේ පදිංචි වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම අනතුරෙන් එක් දරු පියා සමඟ ගමන් ගත් අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන විට ඔවුන් දෙදෙනාම ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවටයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වෙසක් පොහොය දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සොරිවිල සිරිධම්මාලංකාර නමින් පැවිදි බිමට පිවිස ඇති අතර එම සාමනේර හිමි නමගේ මව ද මේ වනවිට විදෙස් ගතව සිටින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
3
+1
37
+1
14
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?