පහරදීමට එරෙහිව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වර්ජනයක

කුරුණෑගල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පල කරමින් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් නාරම්මල බිහල්පොළ පෞද්ගලික ආයතනයක බිත්තර තොග සඟවා ඇති ද යන්න පරික්ෂා කිරීමට ගිය නිලධාරීන්ට ආයුධ අතැතිව පැමිණි පිරිසක් පහරදී තිබුණා.

පහර කෑමට ලක්වූ නිලධාරීන් රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණා.

පසුව මේ පිළිබදව පරික්ෂණ සිදු කළ නාරම්මල පොලිසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මේ අතර සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ තම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළ හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ කුකුළු ගොවිපල වෙත අනාරක්ෂිත ලෙස ඇතුළු වීමට පාරිභෝගික නිලධාරීන්ට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසන්නේ ඕනෑම වෙළද පරිශ්‍රයකට ඇතුළුවීම සදහා නෛතික බලයක් තම නිලධාරීන්ට පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46