spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පහරදීමට එරෙහිව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වර්ජනයක

කුරුණෑගල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පල කරමින් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් නාරම්මල බිහල්පොළ පෞද්ගලික ආයතනයක බිත්තර තොග සඟවා ඇති ද යන්න පරික්ෂා කිරීමට ගිය නිලධාරීන්ට ආයුධ අතැතිව පැමිණි පිරිසක් පහරදී තිබුණා.

පහර කෑමට ලක්වූ නිලධාරීන් රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණා.

පසුව මේ පිළිබදව පරික්ෂණ සිදු කළ නාරම්මල පොලිසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මේ අතර සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ තම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළ හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ කුකුළු ගොවිපල වෙත අනාරක්ෂිත ලෙස ඇතුළු වීමට පාරිභෝගික නිලධාරීන්ට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසන්නේ ඕනෑම වෙළද පරිශ්‍රයකට ඇතුළුවීම සදහා නෛතික බලයක් තම නිලධාරීන්ට පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?