නාය යෑමකින් පස්සර – පිටමාරුව මාර්ගයේ ගමනා ගමනයට දින දෙකක සිට බාධා (ඡායාරූප)

අධික වර්ෂාවත් සමඟ පස්සර – පිටමාරුව ප්‍රධාන මාර්ගයට කුරුවිගොල්ල පාලම ආසන්නයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දින දෙකක සිට එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පසුගිය 04 වනදා රාත්‍රියේ මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති අතර, ඊයේ අලුයම ද තවත් ගල් සහ පස් ඒම ස්ථානයෙන්ම මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පස්සර – පිටමාරුව මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඒ, අනුව එම ජනතාවට සිදුවුණේ පිටමාරුව, අම්බලම, ලුණුගල මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස යොදාගනිමින් සිය ගමන් බිමන් අවශ්‍යතා සපුරා ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසියෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ අද (06) පස්වරුව වන විට නාය යෑමෙන් ඇතිව තිබූ බාධාවන් ඉවත්කොට පස්සර – පිටමාරුව ප්‍රධාන මාර්ගය ගමනා ගමනයට විවෘත කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වුණ කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36