අධික වර්ෂාවත් සමඟ පස්සර – පිටමාරුව ප්‍රධාන මාර්ගයට කුරුවිගොල්ල පාලම ආසන්නයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දින දෙකක සිට එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පසුගිය 04 වනදා රාත්‍රියේ මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති අතර, ඊයේ අලුයම ද තවත් ගල් සහ පස් ඒම ස්ථානයෙන්ම මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් පස්සර – පිටමාරුව මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.
ඒ, අනුව එම ජනතාවට සිදුවුණේ පිටමාරුව, අම්බලම, ලුණුගල මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස යොදාගනිමින් සිය ගමන් බිමන් අවශ්‍යතා සපුරා ගැනීමටයි.
මේ සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසියෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ අද (06) පස්වරුව වන විට නාය යෑමෙන් ඇතිව තිබූ බාධාවන් ඉවත්කොට පස්සර – පිටමාරුව ප්‍රධාන මාර්ගය ගමනා ගමනයට විවෘත කළ හැකි බවයි.


















