තරුණියන්ගේ පසුම්බි සොරා ගන්නා තරුණියක් සොයා මෙහෙයුම්

හැඩ වැඩ වීමට රූපලාවන්‍යාගාර වලට යන තරුණියන් ඇතුළු කාන්තාවන් ගේ ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ්පත් ඇතුළු මුදල් පසුම්බි සොරා ගන්නා තරුණියක් සොයා ගම්පොල පොලිසිය ඇතුළු පොලිස් ගණනාවක් පරීක්ෂණ අරඹා තිබෙනවා.

රටේ විවිධ ප්‍රදේශවල රූපලාවන්‍යාගාරවලින් මේ ආකාරයට රුපියල් ලක්ෂ ගණනාවක් ඇය සොරා ගෙන ඇති අතර පොලිසිය මෙන්ම ඒවාට ගොදුරු වූ පිරිස් ද ඇය සොයා දැඩි වෙහෙසක් ගන්නා බව පවසනවා.

ඇය මුදල් පසුම්බි ඇතුළු විවිධ දෑ සොරා ගන්නා ආකාරය හා වෙළඳසැල්වලින් ඈ විවිධ භාණ්ඩ මිලදී ගන්නා අයුරු සටහන්ව ඇති වීඩියෝ පට හා ඡායාරූප උපයෝගි කරගනිමින් මෙම සොයා බැලීම් සිදු කරන අතර එසේම මුහුණු පොත ඇතුළු විවිධ ක්‍රම මඟින් ද ඒ පිළිබඳව මෙසේ සොයා බැලීම සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගම්පොළ නගරයේ රූපලාවණ්‍යාගාරයකට පැමිණි ඇය එහි බෑගයක තිබූ ක්‍රෙඩිට් කාඩ් පතක් සොරාගෙන එයින් රුපියල් අසූ පන්දහසක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගැනීම හා ගම්පොළ අඹගමුව මාර්ගයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් රන් මාලයක් ගැනීමට සූදානම් වන අයුරු මෙසේ කැමරාවල සටහන්ව තිබෙනවා.

මේ පිළිබඳව ගම්පොළ, ගම්පොලවෙල පදිංචි තරුණියක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ගම්පොල පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

මේ පිළිබඳව මුහුණු පොතේ පළ වී ඇති සටහන් අනුව බොහෝ ප්‍රදේශවල පිරිස් ඇයට හසුව ඇති බව ද හෙළි වී තිබෙනවා.

ගම්පොල ,නාවලපිටිය ,බොරලැස්ගමුව ඇතුළු විවිධ පොලිස් ස්ථානවල ඒ පිළිබඳව පැමිණිලි සටහන්ව තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

  1. මොකටද ප්‍රතිචාර දක්වන්නෙ ඔක්කොම හංගලා මහුන පෙන්නන්න බැරිනං මොන ප්‍රතිචාරද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18