ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී.ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ.ජි. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරු පත් කර සිටිනවා.
මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයන් වනවා.














Me rata kabasieniya kala tharama danno danithi.. Api onawata wada baila gahanne nane.