Empty Ad
Empty Ad
AFC Banner

‘එළු ගාලේ නොන්ජා මංජු’ බිරිඳ සමඟම රිමාන්ඩ්

කොටදෙනියාව සහ කුරුණෑගල යන පොලිස් වසම් තුළ රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදල්, රන් භාණ්ඩ සහ දේපළ සොරාගත් “එළු ගාලේ නොන්ජා මංජු ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ ඔහුගේ බිරිඳ ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි විසින් ඊයේ (01) මෙම සැකකරුවන් රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළා.

කොටදෙනියාව, කිතුල්වල මුනිදාස කුමාරතුංග විදුහලේ විදුහල්පති කාමරය කඩා රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සොරා ගැනීම සහ නාල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් 50000කට ආසන්න මුදල් සහ භාණ්ඩ සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කුරුණෑගල නගරයේ අම්මාන් කෝවිල මාවතේ පදිංචි සැකකරුව සහ සැකකාරිය ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් කොටදෙණියාව පොලිස් වසමේ සිදුකළ සොරකම් දෙකට අමතරව සැකකරු විසින් කුරුණෑගල පොලිස් වසමේ වෙළඳසැල් 04 කින් සහ නිවාස 08 කින් මුදල්, රන් ආභරණ සහ වෙනත් දේපළ සොරාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දේපළවලින් කොටසක් කොටදෙනියාව පොලිසිය මඟින් සොයා ගෙන ඇති අතර, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සැකකරු හෙරොයින් පානය සඳහා දිනකට රුපියල් 15,000ක පමණ මුදලක් වැය වන බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් සොරා ගන්නා භාණ්ඩ සහ රන් ආභරණ අලෙවි කිරීම සහ උකස් කිරීම සැකකරුගේ බිරිඳ විසින් සිදුකර ඇති බවත් එසේ උකස්කර සහ විකුණා ලබාගන්නා මුදල් සැකකරු විසින් හෙරොයින් පානය සඳහා වියදම් කර ඇති බව අධිකරණයේ දී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ ජීවිතය අනතුරේ - ආණ්ඩුව මේ මොන බිල්ලකටද ලෑස්ති වෙන්නේ
05:14
Video thumbnail
Breaking News🛑ජනාධිපතිගෙන් හදිසියේ විශේෂ නිවේදනයක් #akd #npp #anurakumaradissanayake
03:04
Video thumbnail
අද රාත්‍රියේ ඔබට දැක ගැනීමට ලැබෙන සුපිරි දසුනක් - පියවි ඇසින් බලාගන්න පුළුවන්
04:01
Video thumbnail
කරන්දෙණියේ සුද්දා කරන්න සැලසුම් කරපු මහ අපරාධයක් කොටු කරගත් STF සුපිරි මෙහෙයුම
01:26
Video thumbnail
උපාධියක් තියනවනම් තියනවා කියන්න නැත්තන් නෑ කියන්න - මේක විශාල කරදයක් වුණානේ
09:03
Video thumbnail
සමහර ගොවියන්ට පොහොර සහනාධාරය ලැබිලා නෑ
04:51
Video thumbnail
Breaking News🛑 දීඝ දන්තු 01 හස්තියා එළොව යැවූ ඉඩමේ හිමිකරුට 26 දක්වා මහඋළු ගෙදරට
11:07
Video thumbnail
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍යයේ - විදුලි බිල ගෙවන්න බැරිව ලොකු අර්බුදයක්
06:38
Video thumbnail
පපුව ඉස්සරහට දාලා ඡන්දේ දාන්න ගිය අය - සතොසට යන්නේ දැන් කැස්බෑවෝ වගේ
06:00
Video thumbnail
හාල් ඇටේ මෝදිගෙද - ඩඩ්ලිගෙද - නිපුණගෙද කියලා ඉඹලද -සූප්පු කරලද බලන්නේ
11:12

?