මැංගුස් සටනේ ගුටි කෙළියේ දී පොලිස් නිලධාරියෙකුට පහරදුන් කතාව බොරු – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

කළුතර පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අවසානයේ ඇති වූ ගැටුමක දී පයාගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ගැටුම සිදුවන අවස්ථාවේ දී එම නිලධාරියා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිට ඇති බවත්, නමුත් ඔහුට පහරදීමක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (02) වැඩිදුරටත් සඳහන් කළේ.

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර 13 වන වරට පැවති “මැංගුස් සටන” අවසානයේ මෙම ගැටුම සිදුව ඇති අතර, මෙහිදී කළුතර තිස්ස විද්‍යලයේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ප්‍රහාරයටක ලක්ව රෝහල් ගත කළා.

ඔහු පළමුව ඊයේ (01) සවස කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම සිසුවා කොළඹ ජාතික රෝහල වෙත මේ වනවිට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අදාළ සිසුවාගේ මව විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

මේ අතර සිසුවාට පහරදීම සිදුකළ පිරිස පිළිබඳව ද ඔහුගේ මව විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

https://youtu.be/wzi5mQxAmEk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56