“Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ වුණා.

කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.

දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් සහ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ප්‍රදර්ශන කුටි 200කට වැඩි සංඛ්‍යාවකින් මෙය සමන්විත වන අතර, කාන්තා ව්‍යවසායිකාවන්ට වැඩි ඉඩක් විවෘත කරදී ඔවුන්ගේ වැඩි දායකත්වයක් ලබාගැනීම විශේෂත්වයක්.

ෂැංග්‍රිලා ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමඟ සුහඳ කථා බහක නිරත වුණා.

දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අළෙවි කිරීමට ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි භූමියක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56