අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඉන්දීය හිටපු දේශපාලනඥයෙකු වන අතීක් අහ්මඩ් වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා.
ඔහු සමඟ ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහ්මඩ් ද මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
උත්තර් ප්‍රාන්ත හිටපු දේශපාලනඥයෙකු වන අතීක් අහ්මඩ්ට මෙලෙස වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.
අපරාධය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් ව්‍යාජ හැඳුනුම්පත් සහ කැමරාවක් අතැතිව මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර වෙඩි ප්‍රහාරයෙන් මියගිය අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී කිහිපයකට පෙර මියගොස් ඇති බව සඳහන්.
වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ අතීක් අහ්මඩ්ට එරෙහිව මිනීමැරුම්, පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ නඩු 90කට වඩා තිබූ බවයි වාර්තා වන්නේ.
ඔහු ජාතික ආරක්ෂක පනත යටතේ 2019 වසරේ ගුජරාට් ප්‍රාන්තයේ බන්ධනාගාරයක රඳවා සිට තිබෙනවා.













