ලංකාවට එන්න තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අවලංගු වී මෙල්බර්න් ගුවන්තොටේ කාලගෝට්ටියක් (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා ඊයේ (15) දිනයේ ගමන් ඇරඹීමට නියමිතව තිබූ UL605 දරණ ගුවන් යානය හදිසියේ අවලංගු කිරීමට සිදු වූ නිසා එහි පැමිණීමට සිටි මගීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ (15) පස්වරු 4.10ට මෙල්බර්න් නුවරින් එම යානය ගමන් ඇරඹීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම ගුවන් ගමන හදිසියේ අවලංගුකර ඇත්තේ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා අප කළ විමසීමක දී සඳහන් කළේ.

කෙසේ වෙතත් එම යානයෙන් පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන් පවසන්නේ ඔවුන්ව ගුවන් යානය වෙත නංවාගෙන පැය පහක පමණ කාලයක් ඒ තුළ රඳවාගෙන සිටි බවයි.

සිදුව ඇති දේ පිළිබඳව ගුවන් සේවය විසින් තමන්ව නිසා ආකාරයෙන් දැනුම්වත් නොකළ බවට ද එම ගුවන් මගීන් චෝදනා කරනවා.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී වැඩිදුරටත් සඳහන් කළේ යානයේ ඇති වී තිබෙන කාර්මික දෝෂය සැකසීම සඳහා මෙරටින් කණ්ඩායමක් මේ වන විටත් මෙල්බර්න් නුවර වෙත ගොස් ඇති බවයි.

යානයේ සිදුව ඇති කාර්මික දෝෂය සැකසීමෙන් පසු යානය පරීක්ෂා කර බලා, අපහසුතාවට පත්ව සිටින ගුවන් මගීන් එම යානයෙන්ම මෙරටට රැගෙන ඒමට අද දිනය තුළ දී කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර එම යානයේ පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන්ගෙන් හරි අඩක් පමණ සිය ගුවන් ගමන අවලංගුකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මේ වනවිටත් එම යානයේ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් ම‍ගින් රැසක් මෙල්බර්න් ගුවන්තොටුපොළේ මේ වනවිටත් රැඳී සිටිනවා.

ඔවුන්ගෙන් අප කළ විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ යානය ගුවන් ගතවන වේලාව පිළිබඳව තවමත් තවමන් නිසි දැනුවත් කිරීමක් සිදුනොකළ බවයි.

https://youtu.be/I90bmsHrez8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23