ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා ඊයේ (15) දිනයේ ගමන් ඇරඹීමට නියමිතව තිබූ UL605 දරණ ගුවන් යානය හදිසියේ අවලංගු කිරීමට සිදු වූ නිසා එහි පැමිණීමට සිටි මගීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එරට වේලාවෙන් ඊයේ (15) පස්වරු 4.10ට මෙල්බර්න් නුවරින් එම යානය ගමන් ඇරඹීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එම ගුවන් ගමන හදිසියේ අවලංගුකර ඇත්තේ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා අප කළ විමසීමක දී සඳහන් කළේ.
කෙසේ වෙතත් එම යානයෙන් පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන් පවසන්නේ ඔවුන්ව ගුවන් යානය වෙත නංවාගෙන පැය පහක පමණ කාලයක් ඒ තුළ රඳවාගෙන සිටි බවයි.
සිදුව ඇති දේ පිළිබඳව ගුවන් සේවය විසින් තමන්ව නිසා ආකාරයෙන් දැනුම්වත් නොකළ බවට ද එම ගුවන් මගීන් චෝදනා කරනවා.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී වැඩිදුරටත් සඳහන් කළේ යානයේ ඇති වී තිබෙන කාර්මික දෝෂය සැකසීම සඳහා මෙරටින් කණ්ඩායමක් මේ වන විටත් මෙල්බර්න් නුවර වෙත ගොස් ඇති බවයි.
යානයේ සිදුව ඇති කාර්මික දෝෂය සැකසීමෙන් පසු යානය පරීක්ෂා කර බලා, අපහසුතාවට පත්ව සිටින ගුවන් මගීන් එම යානයෙන්ම මෙරටට රැගෙන ඒමට අද දිනය තුළ දී කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ අතර එම යානයේ පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන්ගෙන් හරි අඩක් පමණ සිය ගුවන් ගමන අවලංගුකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම මේ වනවිටත් එම යානයේ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගින් රැසක් මෙල්බර්න් ගුවන්තොටුපොළේ මේ වනවිටත් රැඳී සිටිනවා.
ඔවුන්ගෙන් අප කළ විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ යානය ගුවන් ගතවන වේලාව පිළිබඳව තවමත් තවමන් නිසි දැනුවත් කිරීමක් සිදුනොකළ බවයි.














APARADHE, OYA MODA MEE HARAK TIKA OKATAMA PATAWALA EWANNA THIBUNE, MAGADHI MUHUDATAMA KADA WATILA KELAWELAMA YANNA. NODAKIN MUSALA ENIYA SRI LANKIKAYO. THAMUNGE RATATA JATHIKA GUWAN SEWAYATA PITA RATAKADHI KARAPU APAHASAYA. PARA HETHHA UDA BALAGENA KELA GAHUWE. EKA UNTA NOTHERENNE UN DAN AUSTRALIANS LA KIYALA HITHANA NISA WENNA ATHI. MAKA BEWILAMA PALA