වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියාගේ මරණයට හේතුව හෙළිවෙයි

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ සැමියාගේ මරණය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට පදිංචිව සිටි 58 හැවිරිදි ඉංජිනේරුවරයෙක්.

නිවසේ තනිව සිටින සැමියා පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍යවරිය යාබද නිවසෙහි පුද්ගලයාට දුරකථනයෙන් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ කළ සොයා බැලීමේදී ඉංජිනේරුවරයා නිවසේ සාලයේ වැටී සිටින ආකාරය දැක තිබුණා.

ඒ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවයි පරීක්ෂණ ආරම්භ වූයේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද පැමිණ විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ සිදු කරනු ලැබුවා.

මරණය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට මරණ පරීක්ෂණය සිදු කරන ලෙස නියෝග කර තිබුණා.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා විසිනුයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ.

එම පරීක්ෂණයේ දී හෙළිවී ඇත්තේ අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් සිරෝසිස් රෝගය උත්සන්න වී ඉංජිනේරුවරයාගේ මරණය සිදුවී ඇති බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25