AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියාගේ මරණයට හේතුව හෙළිවෙයි

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ සැමියාගේ මරණය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට පදිංචිව සිටි 58 හැවිරිදි ඉංජිනේරුවරයෙක්.

නිවසේ තනිව සිටින සැමියා පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍යවරිය යාබද නිවසෙහි පුද්ගලයාට දුරකථනයෙන් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ කළ සොයා බැලීමේදී ඉංජිනේරුවරයා නිවසේ සාලයේ වැටී සිටින ආකාරය දැක තිබුණා.

ඒ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවයි පරීක්ෂණ ආරම්භ වූයේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද පැමිණ විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ සිදු කරනු ලැබුවා.

මරණය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට මරණ පරීක්ෂණය සිදු කරන ලෙස නියෝග කර තිබුණා.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා විසිනුයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ.

එම පරීක්ෂණයේ දී හෙළිවී ඇත්තේ අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් සිරෝසිස් රෝගය උත්සන්න වී ඉංජිනේරුවරයාගේ මරණය සිදුවී ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?