සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට යළිත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය භාවිත කිරීමට අවසර ලැබී තිබෙනවා.
ඒ සිඩ්නි අධිකරණයක් වෙත ඔහු වෙනුවෙන් කරනු ලැබූ ඇප කොන්දේසි සංශෝධන ඉල්ලීම සඳහා අනුමැතිය හිමිවීමත් සමගයි.
කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියා සිදුකිරීම ඇතුලු චෝදනා 04 ක් යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් මෙම චෝදනා ගොනු කර තිබෙනවා.
පසුගිය නඩු වාරයේදී ධනුෂ්කට අවසර හිමිවූයේ වට්ස්ඇප් භාවිත කිරීම සඳහා පමණයි.
අද ලැබුණු නියෝගයත් සමග ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් භාවිත කිරීම සඳහා ද ඔහුට අවසර ලැබුණ ද වින්දිත පාර්ශවයට සමාජ මාධ්‍ය හරහා කිසිදු තර්ජනයක් සිදුකිරීමෙන් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීම සඳහා පැමිණි අවස්ථාවේදීයි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක පසුගිය 2022 වසරේ ඔක්තෝබර් 06 වනදා සිඩ්නි හිදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
නඩුව වැඩිදුර විභාගය ලබන 27 වනදා දක්වා කල් දමනු ලැබුවා.














malli baba adiyak withra diga athi. ekayi suddhi epa kiyanna aththe