ධනුෂ්ක ගුණතිලකට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට යළිත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය භාවිත කිරීමට අවසර ලැබී තිබෙනවා.

ඒ සිඩ්නි අධිකරණයක් වෙත ඔහු වෙනුවෙන් කරනු ලැබූ ඇප කොන්දේසි සංශෝධන ඉල්ලීම සඳහා අනුමැතිය හිමිවීමත් සමගයි.

කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියා සිදුකිරීම ඇතුලු චෝදනා 04 ක් යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් මෙම චෝදනා ගොනු කර තිබෙනවා.

පසුගිය නඩු වාරයේදී ධනුෂ්කට අවසර හිමිවූයේ වට්ස්ඇප් භාවිත කිරීම සඳහා පමණයි.

අද ලැබුණු නියෝගයත් සමග ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් භාවිත කිරීම සඳහා ද ඔහුට අවසර ලැබුණ ද වින්දිත පාර්ශවයට සමාජ මාධ්‍ය හරහා කිසිදු තර්ජනයක් සිදුකිරීමෙන් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීම සඳහා පැමිණි අවස්ථාවේදීයි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක පසුගිය 2022 වසරේ ඔක්තෝබර් 06 වනදා සිඩ්නි හිදී අත්අඩංගුවට ගනු ලැබුවේ.

නඩුව වැඩිදුර විභාගය ලබන 27 වනදා දක්වා කල් දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03