මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් හෙට කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීම මගින් අධිකරණයට අපහාස කළ බවටයි මෙම පෙත්සම් මගින් චෝදනා කර ඇත්තේ.

ඒ අනුව අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මියනි ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කළ තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැය ලේඛනය තුළින් ඇස්තමේන්තු කර තිබූ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් මේ මස 03 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවයි.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන ද රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත තවත් අතුරු නියෝගයක් අධිකරණය විසින් නිකුත් කළ බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම නියෝගවලට අනුකූලව කටයුතු කර නොමැති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් චෝදනා කරමිනුයි අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?