ඉදිරි වසර 25 තුළ මෙරට දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් – ඩයස්පෝරාවටත් ජනපතිගෙන් ඇරයුම්

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මෙහිදී ආරාධනා කර සිටියා.

පැරණි ආර්ථිකයේ අළු මතින් නැඟී එන ආසියානු කලාපයේ සහ ඉන්දියානු සංවර්ධනය සමඟ අත්වැල් බැඳගනිමින් නව ආර්ථිකයක් ගොඩ නැගීමේ කාර්යභාරය ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

මේ අතර ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම ආර්ථික සහයෝගීතා සහ තාක්ෂණික ගිවිසුමක් දක්වා වැඩිදියුණු කරගත යුතු බවත්, ආසියාවේ විශාලතම වෙළඳ කණ්ඩායම වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය සමඟ ගිවිසුමකට එළැඹීමට කැමැත්තෙන් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා එමඟින් ලෝකයේ විශාලතම වෙළඳ කණ්ඩායම සමඟ ඉදිරියට යාමට අවස්ථාව සැලසෙන බව ද කියා සිටියා.

ඉදිරි වසර 25 තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක් වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සියලුම ජන කොටස් වෙත සමාන අවස්ථා සහ සම්පත් ලබාදීය යුතු බවත් අන්තර් වාර්ගික සාකච්ඡා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ජන කොටස් අතර විවිධත්වය සැමරීම තුළින් ජාතික සමගිය ප්‍රවර්ධනය කළ හැකි බව ද අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?