ලාඕසයේ විශේෂිත කලාපයක සිරවී සිටි තරුණයන් පිරිසක් දිවයිනට

ලාඕසයේ විශේෂිත කලාපයක කොටු වී සිටියදී බේරා ගත් ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගොස් සිටි මෙම තරුණයන් 24 දෙනා, තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම හේතුවෙනුයි එරට විශේෂිත කලාපයක කොටු වී සිට ඇත්තේ.

මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසක් බව සඳහන්.

ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ ” බොකියෝ ” (Bokio) හි, චීනය විසින් පාලනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ, විශේෂිත ආර්ථික කලාපයේ (Special Economic Zone) පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී මෙම කලාපයට ඇතුළු වීමේදී ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල තරුණයන් රැගෙන ගිය සමාගම විසින් සිය භාරයට ගෙන ඇතැයි සඳහන්.

පසුව මෙම විශේෂිත කලාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසට විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින් මෙම කලාපය තුළ විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දී, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනිකව ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි දන්වා ඇත්තේ.

මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට, මෙම විශේෂිත ආර්ථික කලාපයෙන් පිටවීමට හෝ මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා.

එහෙත් පරිගණක පිළිබඳව මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස මෙම බාධක මැඩලමින් දැඩි ප්‍රයත්නයක් දරා මෙම සියලු සිදුවීම් ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබුණා.

ලාඕසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයෙකු නොමැති අතර, ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරීවරයෙකු වශයෙන් දමිත් අලුත්ගේ මහතායි කටයුතු කරමින් සිටින්නේ.

ඔහු සහ ශ්‍රී ලංකාවේ “මගෙන් රටට” සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්‍රයත්නයක් දරා, මෙම තරුණයන් පිරිස මෙම කලාපයේ අදාළ සමාගමෙන් බේරා ගෙන, යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම තරුණයන් පිරිස ලාඕසයේ සිට තායිලන්තයේ බැංකොක් වෙත පැමිණ, එහි සිට අද උදෑසන 10.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18