“මීරා” පැටවුන් 4ක් බිහි කරයි

රිදියගම සෆාරි උද්‍යානයේ වාසය කරනු ලබන ‘මීරා’නම් සිංහ ධේනුව විසින් පැටවු 04 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය හේමන්ත අමරසේකර මහතා පවසනවා.

පසුගිය 18 වැනි දින මෙම පැටවුන් 4 දෙනා සිංහ ධේනුව විසින් බිහි කළ බවත් එම පැටවුන්ගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර දෙදෙනෙකු මව විසින් ප්‍රතික්ෂේප කළ බවයි අමරසූරිය මහතා සඳහන් කළේ.

පැටවුන් බිහි කළ සිංහ ධේනුව වයස අවුරුදු 05ක පමණ සත්වයෙකු වන අතර එම සත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී ඉපදුනු සිංහ ධේනුවක් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කර පෝෂණය කරන බව සඳහන්.

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ පැටවුන් බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළම ඉපදුනු සත්වයන් වනවා.

ඉතිරි සිංහයින් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් රැගෙන විත් තිබෙනවා.

මීට අමතරව බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක් ද පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටින අතර තව සති කිහිපයකින් ඔවුන් ද රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්නට දැක ගැනීමට අවස්ථාව හිමිවන බව සත්ව උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත අමරසේකර මහතා සඳහන් කළා.

WhatsApp Image 2023 03 22 at 16.27.32


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42