අනුර කුමාරට වසරකට ඇමති ධුරයක් දෙන්න – ජනපතිට යෝජනාවක් (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට වසරක පමණ කාලයක් සඳහා අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බව මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ හිටපු ඇමතිවරයාගේ පළපුරුද්ද භාවිත කර හොරු ඇල්ලීමේ කටයුතු සිදු කළ හැකි බවයි.

අනුර කුමාර මන්ත්‍රීවරයා හොරු ඇල්ලීම පිළිබඳ නිරන්තරයෙන් කතා කරන බැවින් හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු ද වන ඔහුට හොරු අල්ලන ඇමතිකම ලබාදිය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කරන බවයි තිස්ස කුට්ටිආරච්චි කියාසිටියේ.

එම සොරුන් ඇල්ලීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දැනට පවතින නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ වෙනුවෙන් නව නීති පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට අනුර කුමාර දිසානායක මහතාට යෝජනා කරන බව ද තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කළා.

එම නීතිවලට කිසිවෙකු හෝ සහයෝගය නොදෙන්නේ නම් ඔවුන්ට හොරා යන ලේබලය භාවිත කළ හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එසේ නොමැතිව පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරු යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ නොකළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

එම ඇමති ධුරයේ පූර්ණ බලතල සහිතව කටයුතු කිරීමට ජනාධිපතිවරයා ඉඩ ලබා දිය යුතු අතර අනුර කුමාර දිසානායක එම සොරුන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඔප්පු කළ යුතු බව ද ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම සජිත් ප්‍රේමදාසට මනා ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව හොඳින් ඇත්නම් ඔහුට විදේශ ඇමති ධුරය හෝ උප අගමැති කම ලබාදී චතුර ලෙස ඉංග්‍රීසි කතා කර ලෝක නායකයන්ගේ අවදානය ශ්‍රී ලංකාවට ලබා ගන්නා ලෙසට ද සඳහන් කළා.

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පෙන්වා දුන්නේ රජය කටයුතු කළ යුතු ආකාරය ගැන අදහස් දැක්වීමට සාමාන්‍ය මහ ජනතාව ද ඇතුලුව වෘත්තීය සමිති ඇතුලු විශාල පිරිසක් සිටිය ද ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු නොමැති බවයි.

රට දියුණු කිරීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා අතර එය තනිව කළ හැකි කාර්යයක් නොවන බව ද ඔහු සඳහන් කළා.

ආණ්ඩු පක්ෂයේ සියලුදෙනාට වගකීම් කොටස් වශයෙන් පවරා දිය යුතු අතර ඇතැම් ඇමතිවරුන් පත් කළ ද ඔවුන් අදාළ විෂය සම්බන්ධයෙන් විශේෂිත පුද්ගලයන් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම පසු පෙළ මන්ත්‍රීවරුන්ට වසර ආරම්භයේ දී ඉලක්කයක් ලබාදිය යුතු අතර නිවාස, කෘෂිකර්ම, සංචාරක, කර්මාන්ත වැනි ඇමතිවරුන්ට මෙලෙස ඉලක්ක ලබ දිය යුතු බව ද ඔහු සඳහන් කළා.

වසර අවසානයේදී එම ඇමතිවරුන් සාර්ථක ලෙස තම අමාත්‍යංශයේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ නම් ඔවුන් සාර්ථක බවට ප්‍රකාශ කළ හැකි බවයි ඔහුගේ මතය වන්නේ.

එමෙන්ම ඥාති සබඳතා හෝ වෙනත් සම්බන්ධතා මත ඇමති ධුර ලබාදිය නොහැකි අතර ඒවා ලබාදිය යුත්තේ හැකියාව මත පමණක් බවයි තිස්ස කුට්ටිආරච්චි පෙන්වා දුන්නේ.

https://www.youtube.com/watch?v=p4TV1WrSu3M


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39