“අම්රිට්පල් සිං” ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබය තුළ අන්තර්ජාල තහනමක්

සීක් ආගමිකයින් සඳහා වෙනම රාජ්‍යක් ස්ථාපිත කරන බවට නිවේදන නිකුත් කරමින් සීක් ජනයා පෙළගැස්වූ අම්රිට්පල් සිං ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබ් ප්‍රාන්තය තුල අන්තර්ජාල තහනම නොකඩවා බලපවත්වන බව ඉන්දීය රජය නිවේදනය කලා.

ඒ අනුව අද සිව්වන දිනයටත් මිලියන 27ක් වන පන්ජාබ් වැසියන්ට අන්තර්ජාල පහසුකමක් නොමැතිව සිටීමට සිදුවුණා.

පන්ජාබ් ප්‍රාන්තය තුළ ආරක්ෂාව තර කර ඇති අතර අම්රිට්පල් හිතවාදීන් කඩු ,මුගුරු අතැතිව මාර්ගවල ඇවිදිමින් සිටින අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දියාවේ මිලියන 800ක් අන්තර්ජාලය භාවිත කරන අතර පසුගිය වසරේ පමණක් ඉන්දීය රජය මගින් 84 වතාවක් අන්තර්ජාලය තහනම් කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?