පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිදු නිර්දේශයක් කර නැහැ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට තමන් කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

IMFආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා IMF දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි අද( 21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු නොකරන බවයි.

“අපි මැතිවරණයට සම්බන්ධ වීම සහ බලපෑම කරන බවට යම් රාවයන් තියෙනවා, පළාත් පාලන මැතිවරණ ගැන මම කියන්න කැමතියි. IMF අපි කිසිම රටක මැතිවරණ ක්‍රියාවලියකට මැදිහත් වන්නේ නැහැ. ලංකාවේ තත්ත්වය ගත්විට, මැතිවරණ කියන ප්‍රශ්නය ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකා ජනතාවට අයත් දෙයක්”. ඔහු පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?