නීති උපාධියට ඉංග්‍රීසි ඕන කියූ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරාදයි

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

මෙම ඡන්ද විමසීමේ දී ඊට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර පක්ෂව හිමිවුණේ එක් ඡන්දයක් පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පාර්ලිමේන්තුවේ දී එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ දෙසැම්බර් 30 වන දින මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?