05 හැවිරිදි දැරියකට දිවි අහිමි කළ අනතුර

හැටන් – කොළඹ මාර්ගයේ ඉගිරියාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (20) පස්වරුවේ සිදු වූ අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හැටන් දෙස සිට කරවනැල්ල දෙසට ධාවය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 05ක කුඩා දැරියක් තැලිගම රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දෙදෙනා කරවනැල්ල රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු දැරිය මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16