ලක්ෂ එකහමාරක් පමණ වටිනා රන් මාලය සොරාගෙන

පයාගල පොලිස් බල ප්‍රදේශයට අයත් ලිබර්ට් මාවත ඔස්සේ ගමන්කල හැකි දියලගොඩ ප්‍රදේශයේ කුඩා වෙළඳ සැලකින් කිසියම් ආහාර වර්ගයක් මිලදී ගන්නා මුවාවෙන් එම වෙළඳසැලේ කාන්තාවගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා රන් දම්වැල කඩා සැකකරුවන් පැමිණි වාහනයෙන් පලා ගොස් ඇතැයි පයාගල පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා අද (20) පැවසීය.

මෙම අතුරු මාර්ගය ඔස්සේ ගමන්කර පලා ගිය වාහනයෙ අංකය පැමිණිලි පාර්ශවය විසින් පොලීසියට ලබා දී ඇති අතර එම වාහන අංකය ඔස්සේ කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබූ වහනයක අංක තහඩුව ගලවා සැකකරුවන් පැමිණි වාහනයේ සවිකර ගෙනැවිත් මෙම රන් මාලය පැහැර ගෙන පලාගොස් ඇති බවයි. සැකකරුවන් සිව් දෙනකු එම වාහනයේ පැමිණඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නැයි පයාගල පොලිසියේ අපරාධ අංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
27:16
Video thumbnail
දෙනියායේ දරුවන් අතර පැතිර යන රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්
04:22
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කපිල චන්ද්‍රසේනගේ සිරුර පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගිය හැටි
05:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ ම#ණය පිටිපස්සේ ඉන්නේ කවුද..?
08:28
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23