තම බාල සහෝදරිය දූෂණය කර ඇයව ගැබිණියක් කළ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
පසුගිය නොවැම්බර් මාසයේ දී අදාළ තරුණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ඇති අතර, එහිදී ඇය ගැබ්ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව ඒ සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලිසිය විමර්ශනයක් සිදුකර අච්චුවේලි පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු පෙරේදා (18) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.














DAN WENA KARANNA DEYAK NAHE, DENNAWA BANDHA LA DANAWA ARENNA. KELLEKUYI KOLLEKUYI EKA ROOM EKAKA EKA ANDHAK UDA THANI UNAMA MONAWADHA KARANNE, MONAWADHA NOKARANNE, AYE UN DENNATA SAHODARA HANGEEMEN MUNU BALANNA BAHE NEDHA. KELLA DANNAWA KOLLA KARAPU DEWAL WAGEMA KARAWA GANIPU DEWAL. KOLATH EHEMAYI. AYE WENA MINIHEKUTA KIYALA KARA GANNA DEYAK KELLATA ITHURU WELA NAHE. ADARAYEN WAGEMA KAMAYEN ASAWEN MUSAPATH WELA SEEMAWAN GILIHILA GIYAMA WENA DEWAL WELA IWARAYI. DENNA BANDHALA DANNA WITHARAYI DAN ITHURU WELA THIYENNE. DARUWA HADAGENA INDHIYI. KAWURU HARI EYALA DENNATA JOB DENNA. DAN MEKA NIWERADHI KARANNA BAHENE. UNA DEYA UNA.
පාසලෙදි නිසි ලිංගික අධ්‍යාපනයක් නැති නිසා තමයි මේ ඔක්කොටම මුල.අනික eඑවැනි දෙයක් ගෙනාවත් සමහර කහ kකුරුල්ලන් කැ මොර දෙනවා .