වැල්ලවාය – මොණරාගල මාර්ගයට කඩා වැටුණු ගස (ඡායාරූප)

බුත්තල, පුහුල්කොටුව ප්‍රදේශයෙන් වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට අද උදෑසන බාධා එල්ල වී තිබුණා.

බුත්තල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රි සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම ගස මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වනවිට එම මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?