පන්විල අනතුරකින් 13 දෙනෙකු රෝහලේ

පන්විල, නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (19) සවස් කාලේයදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

නාරම්පනාව දෙස සිට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කළ ත්‍රීරෝද රථයක ගැටී ලොරි රථය සහ ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ඊයේ (19) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් ලොරි රථයේ ගමන්කළ පුද්ගලයින් 11 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?