සරසවියේ පෙම් කරන්න තහනමක් නැහැ – පේරාදෙණියේ කුලපතිවරුන් කියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පෙම් කිරීමට තහනමක් නොමැති බව එහි උප කුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ හා නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුරජිත් යන මහත්වරු පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිරි දැක්ම පිළිබඳව අදහස් දැක්වීම වෙනුවෙන් එහි සනාතන මන්දිරයේ පැවැති සාකච්ඡාවක දීයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

සනාතන මන්දිරය අසල විශ්වවිද්‍යාල සිසු පෙම් යුවළක් සිප වැළඳ ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා සිදුකරන විවේචනයන්ට පිළිතුරු දෙමින් එම පාලක දෙපළ මේ බව සඳහන් කර තිබෙනවා.

අක්කර 1700ක් පුරා සෞන්දර්යවාදීව පැතිරී ඇති විශ්වවිද්‍යාලය භූමිය තුළ සිටින දහතුන් දහසක සිසුන්ගේ අයිතිවාසිකම් හා නිදහස තමා පිළිගන්නා බව පැවසූ උපකුලපතිවරයා කියාසිටියේ සිසු මර්දනය නොව සිසු සංවර්ධනය තමාගේ එකම අරමුණ බවයි.

මෙරට පැවැති කොරෝනා වසංගතය, වර්තමාන ආර්ථික අවපාතය හා උද්ඝෝෂණ මැද විශ්වවිද්‍යාල සිසුවා මෙන්ම සරසවි ඇඳුරන් ද දැඩි පීඩාවකට පත් වී බැවින් සිසුන්ගේ මානසික සුවයට අවස්ථාව ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

“විශ්වවිද්‍යාලය පුරා වැටී ඇති මාර්ග එක්දහස් හත්සියයක් පුරා ඔවුන් නිදහසේ ගමන් කරනවා. සෞන්දර්යවාදී පරිසරය ඔවුන් ප්‍රයෝජනයට ගන්නවා අප ඒ දේවල් අගය කරනවා. විශ්වවිද්‍යාලය තුළ සිප වැළඳ ගැනීම් වලට බාධා නෑ. නමුත් සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් නොගැළපෙන ලෙස මේ දේ කිරීමට යාම ගැටලුවලට හේතු වී තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපියන්, පාසල් ළමුන්, බාල මහලු සියලු දෙනා විවිධ කාර්යයන් සඳහා මෙම විශ්වවිද්‍යාලෙට පැමිණෙනවා. විශේෂයෙන් රට පුරා ඇති පාසල්වල කුඩා සිසු දරුවන් හා ගුරුවරුන් මෙහි චාරිකාවල යෙදෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල සිසුවා පිළිබඳව මෙන්ම භාහිරින් පැමිණෙන පිරිස් පිළිබඳව ද පාලකයන් ලෙස බැලීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුවයි නොගැළපෙන දේ යන්න අපට විග්‍රහ වන්නේ.”

ලෝකයේ හොඳම සරසවිය දහස අතරේ ඇති වසර අසූවක් පුරා සෞන්දර්යවාදීන් විද්‍යාඥයන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආදී උගතුන් බිහිකළ පේරාදෙණිය සරසවියේ ගෞරවයත් මේ සමග ඉදිරියට රැකගත යුතු බව ද උපකුලපතිවරයා ප්‍රකාශ කළා. සරසවි ආචාර්යවරුන් හෝ සිසුවා සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදයෙන් ඔබ්බට ගමන් කිරීම සියලු ගැටලුවලට හේතු බවයි ඔහු සඳහන් කළේ.

සියලු සිසු සිසුවියන් ගේ මානසික සුවතාවය, අධ්‍යාපනය, ආර්ථිකය හා විවිධ ගැටලු සඳහා විශ්වවිද්‍යාලය මැදිහත්වීම වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව මහාචාර්යවරුන් දෙදෙනාම මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා ඇතුළුකර ගන්නා සියලුම සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කළ බව ද උප කුලපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා සඳහන් කළා.

එහිදී ප්‍රකශ කෙරුණේ, ඉදිරියේ දී ඇතුළත් කර ගන්නා සියලු සිසුන් කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට ද නියමිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38