පා පැදියට විදුලියෙන් දුවන්න පණක් දුන් සිසුවෙක් (ඡායාරූප)

මවුන්ටන් වර්ගයේ පාපැදියක් විදුලියෙන් ක්‍රියාත්මක වන පාපැදියක් ලෙසට පරිවර්ථනය කර එය වෙළද පොළේ ඇති විදුලි පාපැදියටත් වඩා වැඩි ආකර්ශණයකින් නිර්මාණය කිරීමට ආණමඩුවේ පාසල් සිසුවකු සමත් වී තිබෙනවා.

මීට වසර 8කට පමණ පෙර මව්පියන් විසින් තෑගි කළ මවුන්ටන් පාපැදිය මෙලෙස විදුලියෙන් ක්‍රියාත්මක වන ලෙසට නවීකරණය කර ඇත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු අයේෂ මංගල දිසානායක නැමති සිසුවෙක්.

කිසිදු විද්‍යුත් තාක්ෂණික පාඨමාලාවක් හෝ ඒ සම්බන්ධ හැදෑරීමක් සිදු කර නොමැති සිසුවා මීට අදාළ දැනුම ලබා ගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනය කිරීමෙනුයි.

පාපැදිය විදුලියෙන් ධාවනය වන ලෙසට මුලින්ම නවිකරණය කර ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී යි.

ඒ සඳහා විදුලියෙන් ධාවනය වන යතුරු පැදිවල ඉවත දමන ලද කොටස් හා ඉවත දමන ලද පරිඝණකවල බැටරි ඇතුළු දෑ යොදා ගනිමින් පාපැදිය නවිකරණය කර තිබෙනවා.

ධාවනය වන විට වේගය දැන ගැනීමට ඩිජිටල් ඩිස්පේලේ එකක් සහ හා විදුලි ආලෝක පහන් පමණක් මේ සඳහා මිලදි ගත් බවයි සිසුවා පවසන්නේ.

අයේෂ පවසන්නේ ඉන්ධන හිඟය පැවති පසුගිය සමයේ තමන්ට මෙම පාපැදිය බොහෝ සේ උපකාරී වූ බවයි.

තම නිවසේදී පාපැදි නිර්මාණය කිරීමට පැස්සුම් වැඩ ඇතුළු දෑ මෙම සිසුවාගේ අතින්ම සිදු වීම දැක ගත හැකි වූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

“මම වසර කිපයක සිට තමයි මේ නිර්මාණය කරන්න යොමු වුණේ. මුලින්ම වෙනත් පාපැදියක් විදුලියෙන් ක්‍රියාත්මක වන ලෙසට මුලින්ම නිර්මාණය කලා. එහි අඩුපාඩු තදින් දැනුනා. මොකද මම කවදාවත් කිසිම ලෙසකින් මේ වාගේ දෙයක් කරලා තිබුනේ නැති නිසා. අනික මම කිසිම ලෙසකින් විද්‍යුත් හෝ වෙනත් පාඨමාලාවක් හදාර නැති නිසා. නමුත් මම අත හැරියෙ නැහැ. අම්මා නිතරම උනන්දු කලා පුදුම විදිහට එය මට ලොකු ශක්තියක් වුණා. මට බැරි වෙන හැම වෙලාවකම අම්මා කියුවේ ඔයාට පුළුවන් උත්සහය අතහරින්න එපා කියලා. තාත්තාත් අක්කාත් හැම තිස්සේම මාව උනන්දු කළා. ඒ නිසාම මම ඒ කටයුත්ත ඉටු කළා. අද බැටරියෙන් ධාවනය වෙන අංග සම්පුර්ණ පාපැදියක් මම නිර්මාණය කර අවසන්. එහි සියලුම දෑ මම කරපු නිර්මාණ. මවුන්ටන් පාපැදිය විතරයි මට තිබුණේ. එය මම විද්‍යුත් තාක්ෂණයෙන් සන්නද්ධ කළා. මගේ අනාගත බලාපොරොත්තුව තනිවම මෝටර් රථයක් නිර්මාණය කරන එක. එය මම නිර්මාණය කරනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33