පා පැදියට විදුලියෙන් දුවන්න පණක් දුන් සිසුවෙක් (ඡායාරූප)

මවුන්ටන් වර්ගයේ පාපැදියක් විදුලියෙන් ක්‍රියාත්මක වන පාපැදියක් ලෙසට පරිවර්ථනය කර එය වෙළද පොළේ ඇති විදුලි පාපැදියටත් වඩා වැඩි ආකර්ශණයකින් නිර්මාණය කිරීමට ආණමඩුවේ පාසල් සිසුවකු සමත් වී තිබෙනවා.

මීට වසර 8කට පමණ පෙර මව්පියන් විසින් තෑගි කළ මවුන්ටන් පාපැදිය මෙලෙස විදුලියෙන් ක්‍රියාත්මක වන ලෙසට නවීකරණය කර ඇත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු අයේෂ මංගල දිසානායක නැමති සිසුවෙක්.

කිසිදු විද්‍යුත් තාක්ෂණික පාඨමාලාවක් හෝ ඒ සම්බන්ධ හැදෑරීමක් සිදු කර නොමැති සිසුවා මීට අදාළ දැනුම ලබා ගෙන ඇත්තේ අන්තර්ජාලය පරිශීලනය කිරීමෙනුයි.

පාපැදිය විදුලියෙන් ධාවනය වන ලෙසට මුලින්ම නවිකරණය කර ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී යි.

ඒ සඳහා විදුලියෙන් ධාවනය වන යතුරු පැදිවල ඉවත දමන ලද කොටස් හා ඉවත දමන ලද පරිඝණකවල බැටරි ඇතුළු දෑ යොදා ගනිමින් පාපැදිය නවිකරණය කර තිබෙනවා.

ධාවනය වන විට වේගය දැන ගැනීමට ඩිජිටල් ඩිස්පේලේ එකක් සහ හා විදුලි ආලෝක පහන් පමණක් මේ සඳහා මිලදි ගත් බවයි සිසුවා පවසන්නේ.

අයේෂ පවසන්නේ ඉන්ධන හිඟය පැවති පසුගිය සමයේ තමන්ට මෙම පාපැදිය බොහෝ සේ උපකාරී වූ බවයි.

තම නිවසේදී පාපැදි නිර්මාණය කිරීමට පැස්සුම් වැඩ ඇතුළු දෑ මෙම සිසුවාගේ අතින්ම සිදු වීම දැක ගත හැකි වූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

“මම වසර කිපයක සිට තමයි මේ නිර්මාණය කරන්න යොමු වුණේ. මුලින්ම වෙනත් පාපැදියක් විදුලියෙන් ක්‍රියාත්මක වන ලෙසට මුලින්ම නිර්මාණය කලා. එහි අඩුපාඩු තදින් දැනුනා. මොකද මම කවදාවත් කිසිම ලෙසකින් මේ වාගේ දෙයක් කරලා තිබුනේ නැති නිසා. අනික මම කිසිම ලෙසකින් විද්‍යුත් හෝ වෙනත් පාඨමාලාවක් හදාර නැති නිසා. නමුත් මම අත හැරියෙ නැහැ. අම්මා නිතරම උනන්දු කලා පුදුම විදිහට එය මට ලොකු ශක්තියක් වුණා. මට බැරි වෙන හැම වෙලාවකම අම්මා කියුවේ ඔයාට පුළුවන් උත්සහය අතහරින්න එපා කියලා. තාත්තාත් අක්කාත් හැම තිස්සේම මාව උනන්දු කළා. ඒ නිසාම මම ඒ කටයුත්ත ඉටු කළා. අද බැටරියෙන් ධාවනය වෙන අංග සම්පුර්ණ පාපැදියක් මම නිර්මාණය කර අවසන්. එහි සියලුම දෑ මම කරපු නිර්මාණ. මවුන්ටන් පාපැදිය විතරයි මට තිබුණේ. එය මම විද්‍යුත් තාක්ෂණයෙන් සන්නද්ධ කළා. මගේ අනාගත බලාපොරොත්තුව තනිවම මෝටර් රථයක් නිර්මාණය කරන එක. එය මම නිර්මාණය කරනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?