තමා අගහරුවාදා අත්අඩංගුවට පත්වනු ඇතැයි ට්‍රම්ප් කියයි

හිටපු අසභ්‍ය චිතපට රංගන ශිල්පිණියකට මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අඟහරුවාදා අත්අඩංගුවට ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙසටයි.

ලබන සතියේ ඔහුට අධිචෝදනා ගොනු කළ හැකි බවට පළවූ මාධ්‍ය වාර්තා මත පදනම් ව හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බව ඔහුගේ නීතීඥයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප් මහතාට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවා ඇති පළමු අපරාධ නඩුව වනු ඇති.

එය 2024 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වීමට වෙනුවෙන් ඔහු ගෙන යන මැතිවරණ ව්‍යාපාරයට ද බරපතල ප්‍රතිවිපාක ඇති කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

2016 වසරේ දී ජනාධිපතිවරණයට පෙර හිටපු අසභ්‍ය චිත්‍රපට නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ට්‍රම්ප් මහතා වෙනුවෙන් මුදල් ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි නීති බලධාරීන් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් සිටිනවා.

ඩැනියෙල්ස් පවසන්නේ ට්‍රම්ප් සමග පැවති සම්බන්ධයක් පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම වෙනුවෙන් 2016 වසරේ මැතිවරණයට පෙර ට්‍රම්ප්ගේ හිටපු නීතිවේදී මයිකල් කොහෙන් විසින් ඇයට ඩොලර් 130,000 (පවුම් 107,000) ගෙවූ බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් මහතා ඇය සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව ප්‍රතික්ෂේප කරන අතර මෙම නඩුව දේශපාලන පළිගැනීමක් ලෙස ප්‍රතික්ෂේප කරනවා.

මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනට විමර්ශනය කෙරෙන සිදුවීම් කිහිපයෙන් එකක් වන අතර 76 හැවිරිදි ඔහුට තවමත් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර සෑම අවස්ථාවකම ඔහු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

එක්සත් ජනපද මාධ්‍ය සංවිධාන පවසන්නේ ට්‍රම්ප් මහතාට අධිචෝදනා ගොනු කර ලබන සතියේ මුලදී මෑන්හැටන් උසාවියක පෙනී සිටීම සඳහා සූදානම් වන බවයි.

මෙම නඩු විභාගය රහසිගතව පැවැත්වෙන අතර ට්‍රම්ප් මහතාගේ හිටපු සහායකයින් කිහිප දෙනෙකු මෙම නඩුවේ සාක්ෂි ලබා දී ඇති බව වාර්තා වනවා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්පතට අනුව, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හිටපු ජනාධිපතිවරයකු උසාවියට ගෙන ඒමට ඇති හැකියාව සහ ඊට අදාළ ප්‍රායෝගික කරුණු, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ද සලකා බලමින් සිටින බව සඳහන්.

ට්‍රම්ප් මහතාගේ තවත් නීතීඥයෙකු වන ජෝසෆ් ටකෝපිනා පැවසුවේ ඔහුට අධිචෝදනා ගොනු කළහොත් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13